Jump to content

නිකොලස් කේජ්

විකිපීඩියා වෙතින්

උපත - නිකොලස් කිම් කොප්පලා 1964 ජනවාරි 7(වයස46) ලෝන් බීච්, කැලිෆෝනියාව, ඇමෙරිකාව

රැකියාව - නලුවෙකි, නිශ්පාදකයෙකි

ක්‍රීයාකාරි වර්ශ - 1980-වර්තමාන

භාර්යාව(වරු.) - පැට්රිශියා ආකුවෙට්(1995-2001) ලීසා මාරි ප්රෙස්ලි(2002-2004) ඇලිස් කිම්(2004-වර්තමාන.)

නිකොලස් කේජ්(නිකොලස් කිම් කොප්පොලා,1964 ජනවාරි 7 උපත ලැබූ) ඇමෙරිකානු නලුවෙකි. ඔහු තම සිනමා ජීවිතය ආරම්භ කලේ 1981 දි ය.1995 දි "ලීවින් ලාස් වේගාස්" චිත්‍රපටය සඳහා හොදම නලුවාට හිමි ශාස්ත්‍රීය සම්මානය ද, "අඩැප්ටේශන්" චිත්‍රපටය වෙනුවෙන් "ටොරොන්ටො ෆිල්ම් ක්රිටික්ස් අසෝසියේශන් " සම්මානය 2002 දි හිමි කර ගන්නා ලදි. ඔහු රගපෑ චිත්‍රපට අතර "ෆේස්/ඕෆ්(1997),"ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්(2000),"නැශනල් ට්රෙශර්(2004),"ගෝස්ට් රයිඩර්(2007),"බෑඩ් ලියුටෙනන්ට් : පෝට් ඔෆ් කෝල් නිව් ඔර්ලීන්ස්(2009) හා "කික් ඈස් "(2010) විය. ඔහු තෙවරක් විවහ වී ඇති බව පැවසේ.

පෙර ජීවිතය

ලෝන් බීච්,කැලිෆෝනියාවේ උපත ලද ඔහුගෙ පියා "ඕගස්ට් කොප්පොලා" සාහිත්‍ය දේශකවරයෙක් වන අතර මව වන ජෝයි වොගෙල්සන් නර්තන නිර්මාණය කරන්නියකි. ඔහුගෙ දෙමාපියන් 1976 දි දික්කසාද වු අතර,මර ජර්මන් ජාතිකයෙක් වන අතර පියා ඉතාලියානු ජාතිකයෙකි. ඔහුගේ සීයා වන කාර්මයින් කොප්පොලා නිර්මානකරුවෙකු වන අතර ආච්චි වන ඉටැලියා පෙන්නිනො නිලියක් වේ. ඔහු "බෙවර්ලි හිල් හයි ස්කූල්' හි ඉගෙනුම ලැබු අතර,පසුව "UCLA ස්කූල් ඔෆ් තියටර්, ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිශන්" හි ඉගෙනුම ලැබීය. ඔහු ප්‍රථම රංගන අත්දැකීම ලැබුවේ තම පාසලේදි, රගපෑ "ගෝල්ඩන් බෝයි" නාට්‍යයෙනි.


"https://si.wikipedia.org/w/index.php?title=නිකොලස්_කේජ්&oldid=469536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි